Wednesday, May 6, 2009

භක්ති ගීත

මෙතෙක් ලොව පහල වු අසම සම වු ගෟතම බුදු රජානන් වහන්සේ ගේ උපත බුදුවීම හා පිරිනිවන් පෑම සිහිගන්වන මේ වෙසක් මාසය තුළ අපට නිරන්තරයෙන් වෙසක් බැති ගී අසන්නට ලැබෙයි. දිවයිනේ නොයෙක් ස්ථාන වල විහාරස්ථාන, දහම්පාසල්, පෞද්ගලික හා රාජ්‍ය ආයතන විවිධ මට්ටමින් මේ වෙසක් බැති ගී ප්‍රසංග පවත්වනු ලබයි. මෙසේ වසර ගනනාවක් තිස්සේ නොකඩවා පවත්වාගෙන එනු ලබන වෙසක් බැති ගී ප්‍රසංගයක ගී ඒකතුවකි මේ.

සිදුහත් කුමරුන් ගිහිගෙය හැරයාමෙන් පසු බුදු බව ලබාගෙන යලි සිය උපන් ගම වන කිඹුල්වත් පුරයට වැඩම කරන මොහොතේ මාළිගයේ සඳළුතලයේ සිටින යශෝදරා දේවිය සිය පුතනුවන් වු රාහුල කුමරුන් හට තමාගේ පියා ගෙන් දායාද ඉල්ලන ලෙස ඔහු පොලබන මොහොත පිළිබඳ සිදුවීම මෙම ගීතයෙන් කියැවේ. ඉතාමත් ලයාන්විත ස්වරයකින් මේ ගීතය ගායනා කරනු ලබන්නේ මාහරගම ශ්‍රී ධර්මාශෝක දහම්පාසලේ සිසු දරු දැරියන්විසින්. ගීතය සංගීතවත් කරන ලද්දේ විශාරද ලලිත්තුෂාර මහතා, සංගිතය සපයනු ලබන්නේ, ක්‍රියේෂන් බෑන්ඩි කණ්ඩායම මාහරගම.